ඔබ නොහිතන විදිහට ඔබේ හැකියාවන් අලෙවි කරන්න පුලුවන්
ඔබ LK Task හි seller කෙනෙක් විය යුත්තේ ඇයි?
ඔබට තිබෙනවා ඔබටම ආවේණික වුණ දක්ෂතාවයන්. මොහොතකට මතක් කරගන්න ඔබට තිබෙන විශේෂ හැකියාව.
ඔබ නොදන්නවා වුණත්, ඔබ සිටින තැනින් කිලෝමීටර් ගණනාවක් ඈතින් ඉන්නවා ඔබේ දක්ෂතාවයෙන් වැඩක් ගන්න අවශ්‍ය අය. නමුත් ඒ අය දන්නෙ නෑ ඔබව සහ ඔබට ඒ හැකියාව තිබෙන බව.
ඉතිං ඔබට සහ ඒ අයට හමුවෙන්න හොඳ තැනක් සයිබර් අවකාශය තුළ හදලා දෙන එක තමයි අපි කරන්නෙ. ඔබේ පෞද්ගලිකත්වය රැකගනිමින් ඒ අය සමග පණිවිඩ හුවමාරු කරගන්නත්, ඔවුන්ට අවශ්‍ය කාර්යයට අදාළව orders ලබාගන්නත් ඔබට මෙතනින් පුලුවන්.
ඔබ නොහිතන විදිහට ඔබේ හැකියාවන් අලෙවි කරන්න පුලුවන්. මේ සරල ක්‍රියාකාරකමෙන් ඔබට එය තේරුම් ගන්න පුලුවන්.
1. ඔබට තියෙන සියලුම හැකියාවන් (skills) මොනවද කියන එක හොඳින් කල්පනා කරන්න. (ඒ හැකියාවෙන් වැඩක් ගන්න අවශ්‍ය කෙනෙක් කොහේ හරි ඉන්නවා)
2. ඊළඟට ඔබේ ඒ හැකියාවන් Lk Task හරහා අලෙවි කරන්න පුලුවන් ආකාර මොනවද කියන එක ගැන හිතන්න.
ඔබේ ඒ හැකියාව නිර්මාණාත්මකව භාවිතා කරලා සේවාවක් විදිහට අලෙවි කරන්න කැමති නම්, ඒ සේවාව පිළිබඳව දැන්වීමක් පල කරන්න අවස්ථාව අපි හදලා දීලා තියෙනවා. ඔබට තියෙන්නෙ Lk Task එකේ register වෙලා job එකක් විදිහට ඔබේ සේවාව පල කරන එක.