Fiverr – 2 (Order කරන්න හිතෙන gig එකක් තමයි දාන්න ඕනෙ)
Profile එක complete කරලා ඉවරයි නම් ඊළඟට තියෙන්නෙ gig එකක් දාන එක. දැන් ඉතිං buyer කෙනෙකුට ඕඩර් කරන්න හිතෙන විදිහෙ gig එකක් හදන්න ඕනෙ.
My Business > Gigs > Create a New Gig කියන එකෙන් අලුත් gig එක create කරන්න පුලුවන්.
ඒකෙදි මෙන්න මේ දේවල් ගැන අවධානය යොමු කරන්න ඕනෙ. (මේ තමයි පළවෙනි post එකේ විදිහට buyer කෙනෙක් දකින දේවල්)
Title එක
I will ………. කියලා පටන් ගන්නවා. මේක අපිට ප්‍රයෝජනවත් වෙන ආකාර 2ක් තියෙනවා
- Gig එකෙන් කෙරෙන දේ buyerලාට දැනගැනීමට – Title එක කියවලා තමයි buyer කෙනෙක් දැනගන්නෙ තමන් හොයන gig එක මේක තමයි කියලා. ගොඩක් දිගට දැම්මොත් අපැහැදිලි වෙනවා සහ සමහර කොටස් පෙන්නන්නැති වෙනවා. ඒ හින්දා කෙටියන්, හැබැයි අවශ්‍ය දේ දාලා, හිත ඇදිලා යන විදිහට හදන්න. Buyerට තේරෙන්න ඕනෙ තමන් හොයන දේ තමයි මේ කියලා.
- Search results වල උඩට ගැනීමට – Keywords ගැන කතා කරන කොටසෙ මේ ගැන තියෙනවා. ඒ කොටසත් ටිකක් කියවලා එන්න.
“මුලින්ම දාන title එක” තමයි gig එකේ URL එක වෙන්නෙ. ඒ කියන්නෙ අපි කරන්න ඕනෙ මෙහෙම. මුලින්ම gig එක දාන කොට title එකේ “I will” කියලා ඊට පස්සෙ අපිට ඕනෙ keywords ටික දානවා.
උදා- අපේ keywords ටික logo animation, youtube intro, outro කියලා හිතමුකො. එතකොට අපි දානවා I will logo animation youtube intro outro කියලා. ඔව් කිසිම ව්‍යාකරණ ගැළපීමක් නෑ තමයි. කමක් නෑ. ඔහොම දාපුවාම URL එක හැදෙනවා www,fiverr,com/username/logo-animation-youtube-intro-outro කියලා. ඔතනදි username එකත් keyword එකක් විදිහට ගැනෙනවා.
Gig එක approve වුණාට පස්සෙ අපිට පුලුවන් ආපහු gig එක edit කරන තැනට ගිහින් title එක වෙනස් කරලා, එතනට හිත් ඇදගන්නාසුලු title එකක් දාන්න. ඒ title එකත් හොඳ keywords සහිතව දාන්න. කියන්න තියෙන ඔක්කොම කෙටියෙන් කියවෙන විදිහට title එක හදන්න. එකම වචනය title එකේ දෙපාරක් දාන්නත් එපා.
Category/ Sub Category
වඩාත්ම ගැළපෙන එක දාන්න. ගැළපෙන එක හොයාගන්න බැරි නම් වෙන අය ඒ විදිහෙ ගිග් වලට දාලා තියෙන කැටගරීස් මොනවද කියලා බලලා අයිඩියා එකක් ගන්න.
Search tags (Positive keywords)
මේක ගොඩක් වැදගත්. අපේ gig එක buyerට හොයලා දෙන්න වැඩි දායකත්වයක් දෙන්නෙ මෙයා. Buyer කෙනෙක් search කරන්නෙ මොන වචනද? අන්න ඒවා දාන්න ඕනෙ. වැඩිපුරම search කරන වචන දැම්මොත් තමන්ගෙ gig එක ඒ අයට පෙනෙන්න තියෙන අවස්ථාව වැඩියි. (Keywords දාන්න කලින් ඒ ගැනම විශේෂයෙන් තියෙන post එක බලන්න)
Pricing
ඒ සේවාවම තියෙන අනිත් gigs වල මිල එක්ක ගැළපිලා යන විදිහට හදන්න. Packages 3ම දාන්න. (වැඩිපුරම විකිණෙන්නෙ මැද පැකේජ් එකලු. කොහොමත් මුල් orders ටික කරගන්න පුලුවන් විදිහට මුලින්ම මිල දාන්න. කරගෙන යද්දි මිල ගණන් පස්සෙ වෙනස් කරගන්න පුලුවන්.)
Description
Gig එක ගැන විස්තරය. මේක රචනාවක් වගේ දාන්නත් පුලුවන්. හැබැයි එහෙම දාන කොට දිග විස්තර දානවා වෙනුවට කෙටියෙන්, පැහැදිලිව, කෙලින්, අදාළ point එකටම කියන විදිහට දාන එක හොඳයි. රචනා කැමති නැත්තං කරුණු වශයෙන් දාන එකත් හොඳයි.හොඳ sellersලාගේ Gig description ටිකක් බලන්න. කියවගෙන යන කොට buyerට හිතෙනවා නම් “මගෙ හිතේ තියෙන දේම/ මට අවශ්‍ය දේම මේකෙ දාලා තියෙනවා” කියලා, එතකොට එයා තුළ විශ්වාසයක් ඇති වෙනවා gig එක ගැන.
ඉංග්‍රීසි ව්‍යාකරණ දන්නැත්තං grammarly එක web browser එකට දාගෙන ටයිප් කරන්න.
“අනේ මගෙ එක ඕඩර් කරන්නකෝ” කියන ශෛලියෙන් නෙවේ. ඔයා තමයි expert. ඒ හින්දා buyer තුළ විශ්වාසයක් ඇති වෙන විදිහට, බය නැතුව ඕඩර් කරන්න හිතෙන විදිහට ඩිස්ක්රිප්ෂන් එක හදන්න.
ඩිස්ක්රිප්ෂන් එකේ අන්තිමට Order now, Place your order වගේ එකක් අනිවාර්යයෙන්ම දාන්න. සමහර අයට ඕඩර් කරන්න හිතෙන්නෙ ඒ විදිහෙ පොඩි තල්ලුවක් දුන්නහම.
Gig description එකත් අර කලින් post එකේදි කියපු profile description එක දාන ක්‍රම 2න් එකක විදිහට දාන්න පුලුවන්.
- තමන්ගෙ ඉංග්‍රීසි දැනුමෙන්ම type කිරීම (Grammarly සමග)
- Google translate වල සිංහලෙන් type කරලා ඒකෙ ඉංග්‍රීසි translation එක දැමීම
Gig එක search results වල උඩට එන්නත් මේ gig description එක බලපානවා. (Keywords ගැන තියෙන post එකත් කියවන්න)
FAQ
Gig එක order කරන්න එන අයට නිතර ඇති වෙන ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු මෙතන දාලා තියන්න පුලුවන්.
Requirements
වැඩේ පටන් ගන්න buyer විසින් අපිට ලබා දිය යුතු තොරතුරු මොනවද කියන එක. මේක buyerට පේන්නෙ order කළාට පස්සෙ. මේ තොරතුරු හරියටම ගන්න.
GIG image එක
මේක අනිවා වැදගත්ම එකක්.
- දැක්කහම click කරන්න හිතෙන
- හිත ඇදිලා යන විදිහට පාට ගළපලා තියෙන
- Search results වලදි අනිත් ඒවා අතරෙ කැපිලා පේන
- Gig එකෙන් කරන දේ image එකෙන් පෙන්නුම් කෙරෙන
ඒ විදිහෙ image එකක් හදන්න. අකුරු ටිකක් ලොකුවට, අකුරු අඩුවෙන් දාලා හදන්න. (recommend කරපු size එකක් තියෙනවා. ඊට වඩා ටිකක් ලොකුවට හදන්න.) Gig images 3ක් දාන්න පුලුවන්. කලින් කරපු වැඩ වල samples විදිහට ගැළපෙන ඒවා ටිකක් දාන්න. Gig images වල file names වලටත් keywords දාන්න. (Keywords ගැන තියෙන post එකත් බලන්න)
- Photoshop ගැන යම් දැනුමක් තියෙනවා නම් ඒකෙන් හදන්න පුුලුවන්
- Canva වගේ online tools වලින් හදන්නත් පුලුවන්
සැ.යුු. – අපිට අයිතිය නැති, google වගේ එකකින් ගත්ත පින්තූර දැම්මා කියලා දැනගත්තොත් අපේ gig එක වගේම Fiverr account එකත් disable කරලා දාන්න ඉඩ තියෙනවා. ඒ හින්දා 100% ම තමන්ටම අයිති දෙයක් දාන එක හොඳයි gig image එක විදිහට.
ඔය ටික දාලා gig එක publish කරන්න තියෙන්නෙ
Fiverr එකේ අලෙවි කරන්න මොකක් හරි skill එකක් තියෙන්න/ හදාගන්න ඕනෙ. කලින් එහෙම විශේෂ skill එකක් නොතිබුණ කෙනෙක් වුණත් Google, Youtube හරහා ඕනෙ තරම් දේවල් ඉගෙන ගන්න පුලුවන්. ඒකට කාලය වෙන් කරගන්න.