ඕනෙම කෙනෙකුට YouTube කරන්න පුලුවන්
ඇයි YouTube කරන්නෙ?
YouTube කියන්නෙ බලන අයට විනෝදාත්මක දෙයක් වුණාට කරන අයට හොඳ ආදායම් මාර්ගයක්.
YouTube එකෙන් මුදල් උපයන්න අවශ්‍ය සුදුසුකම් මොනවද?
ඔයාගෙ YouTube channel එකේ subscribers ගණන 1000 ක් හා පසුගිය අවුරුද්ද තුළ watch hour (නැරඹුම් පැය ගණන) 4000 ක් හදාගත්තොත්, YouTube මගින් මුදල් ඉපයීමේ (monetization) පහසුකම ලබාගන්න පුලුවන්.
YouTube channel එකක් කරන්න idea එකක් දෙන්න.
ඔයා දන්න, දක්ෂ field එකකින් YouTube channel එක කරන්න. ඒක ඔයාගෙ විනෝදාංශය, රැකියාව විදිහට කරන දේ, අලුතෙන් අධ්‍යනය කරන දේ, ඔයාට වැරදුණ දේවල්, ඔයාගෙ ගමේ තියෙන දේවල්, ඔයා යන තැන්, ඔයා කියවන පොත් වගේ දෙයක් වෙන්න පුලුවන්.
හොඳ camera එකක් නැත්තං?
හොඳ camera එකක් ගන්නකං phone එකේ camera එකෙන් කරන්න.
මූණ පෙන්නන්න කැමති නැත්තං?
මූණ පේන්නෙ නැති විදිහෙ videos කරන්න. (උදා:- වගාවන් සම්බන්ධ, Cooking සම්බන්ධ, කාර්මික පැත්තට නැඹුරු, හෝ ඔයා දක්ෂ මොකක් හරි field එකකිිින්)
හොඳ කටහඬක් නැත්තං
Background music එකක් දාලා video එක කරන්න. අවශ්‍ය තැන් වලට Texts දාන්න කෙටියෙන්.
Phone එකේ Camera එක වැඩ කරන්නැත්තං?
Computer එකේ screen recording දාලා කරන්න පුලුවන් විදිහෙ videos කරන්න. (විවිධ software ගැන video tutorials, වැදගත් websites, etc.)
Computer එකක් නැත්තං?
Phone එකේ screen recording දාලා කරන්න පුලුවන් විදිහෙ videos කරන්න. (විවිධ apps, phone එකේ දෝෂ නිරාකරණය, etc.)
ආබාධිත කෙනෙක් නම්?
එහෙම අයට විශේෂ හැකියාවන් තියෙනවා අනිත් අයට වඩා. ඒ හරහා videos කරන්න පුලුවන්.
- මේ ලිපිය දැම්මෙ විශේෂයෙන්ම YouTube channel එකක් කරන්න අවශ්‍යතාවය තියෙන, නමුත් විවිධ අඩුපාඩු ගැන හිතමින් වැඩේ පටන් ගන්නැතුව හිත හිත ඉන්න අය වෙනුවෙන්. දැන් හරිනෙ. දැන් පටන් ගන්න.
සුභ පැතුම්!