Fiverr – 3 (Keywords හොයමු)
Buyer කෙනෙක් තමන්ට අවශ්‍ය දේ search කරනවානෙ. ඒ search කරන වචන වලට කියන්නෙ keywords කියලා. එතකොට ඒ keywords වලට අදාළ search results වලදි මුල් පිටු වලම එයාට අවශ්‍ය සේවාව තියෙනවා නම්, එයාට ඊළඟ පිටු වලට ගිහින් බලන්න අවශ්‍යතාවයක් නෑ. ඒ හින්දා අපේ gig එක search results වල මුල් පිටුවක පෙන්නන විදිහට අපි gig එක හදාගන්න ඕනෙ.
Level 1,2 කෙනෙක් නම් promoted gigs, seller plus වගේ ඒවා හරහා gig එක උඩට ගන්න පුලුවන්. නමුත් අලුතෙන්ම එන අයට ඒ පහසුකම් නෑ. ඒ හින්දා gig එක SEO (Search Engine Optimization) කරන්නම වෙනවා. පරණ අයත් කාලෙන් කාලෙට SEO කරන්න වෙනවා ඉතිං.
මේකෙදි buyer කෙනෙක් search කරන keywords (සහ ඊට අදාළ වෙනත් keywords) අපේ gig එකේ මේ තැන් වල තියෙන්න ඕනෙ.
- Title එක
- Description එක
- Tags (Keywords)
- Gig image එකේ file name එක
- මීට අමතරව Gig image එකේ metadata ගැනත් කට්ටිය කියන බව ඔලුවෙ තියාගන්න
දැන් SEO කරන්න යන්නෙ. ඒකට අපි පොඩි research එකක් කරන්න ඕනෙ. උදාහරණයක් විදිහට අපි Logo Design ගිග් එකක් දානවා කියලා හිතමුකො. දැන් මේකට අදාළව හොද keywords ටිකක් හොයාගන්න ඕනෙ.
මෙතන අපේ ප්‍රධාන අරමුණ Fiverr හරහා යම් ආදායමක් ලබන එක තමයි. නමුත් ඒ මට්ටමට පත් වෙන්න අපි කරන්න ඕනෙ තව දේවල් ටිකක් තියෙනවා.
දැන් අපි keywords හොයමු.
Search bar එකෙන් keywords සෙවීම
අපි search bar එකේ logo design කියලා search කරන්න හදන කොට එයා අපිට පෙන්නනවා ඒ සම්බන්ධව වැඩිපුරම search වෙන keywords ටික. උදාහරණයක් විදිහට logo design කියලා type කරන කොට ඒ හා සම්බන්ධ search terms ටිකක් පෙන්නනවා.
දැන් ඔය තියෙන search terms ටික ලියාගන්න. (නැත්තං excel sheet එකකට දාගන්න). ඒවාත් අපි keywords විදිහට ගන්නවා. ඊට පස්සෙ ඔය keywords එකින් එක search කරලා, ඒ ඒ keyword එකට අදාළව තියෙන සම්පූර්.ණ gigs ගණන ලියාගන්න.
Suggest වෙන search terms අතරින් logo design කියන එක මම මුලින්ම search කරනවා.
ඒ search term එකට gigs 198,672 ක් තියෙනවා.
ඔය විදිහට අනිත් ඒවාත් search කරලා, ඒවාට අදාළව තියෙන gigs ගණන ලියාගන්නවා.
logo design – 198,672
logo design business – 285,230
gaming logo design – 15,868
expert logo designer – 59,510
cosmetic logo design- 10,491
podcast logo design – 5,135
professional logo design- 299,830
t-shirt logo design – 28,254
මේක දිහා බලලා අපි මෙහෙම තේරුම් ගන්න ඕනෙ.
logo design business කියන search term එක යටතේ පෙනෙන විදිහට හැදුවොත් අපේ gig එක එක්ක තව gigs 285,230 ක් තියෙනවා. ඒ වගේම podcast logo design යටතේ පෙනෙන විදිහට හැදුවොත් තව gigs 5,135ක් තියෙනවා.
ඒ දෙක අනුව බැලුවොත්…. search results වල අපේ gig එක උඩට ගන්න එක වඩාත් ලේසි මොන keyword එක යටතේ හැදුවොත්ද?
මේ ඉලක්කම් අනුව නම් podcast logo design කියන term එකේ search results යටතේ අපේ gig එක උඩට ගන්න ලේසියි.
ඇයි අපි මෙහෙම කරන්නෙ? අපේ gig එක කෙනෙක් දැක්කොත් තමයි order කරන්නෙ. ඒ හින්දා පුලුවන් තරම් search results වල උඩට එන විදිහට gig එක හදන්න ඕනෙ. Gigs ගොඩක් තියෙන තැනකට වඩා ටිකක් තියෙන තැනක උඩට ගන්න ලේසියි.
දැන් එහෙනම් ඔන්න අපි නිතර search වෙන, නමුත් low competition (තරගකාරිත්වය අඩු) keyword එකක් හොයාගන්න විදිහ ඉගෙන ගත්තා. මේක නිකං උදාහරණයක් විදිහට කළේ. ඔයාලා Fiverr එකේ තියෙන categories, sub categories හොඳට බලලා තමන්ට කරන්න පුලුවන් මොනවද කියලා තීරණය කරලා, ඒකට අදාළව keywords සම්බන්ධ research එකක් කරන්න.
Logo design කියන එක උදාහරණයක් විදිහට ගත්තෙ. ඒ වෙනුවට ඔයාලට අදාළ වචන ආදේශ කරගන්න. (Photo manipulation, Background removal, Website development, Audio mixing, Domain authority, Cover letter writing, Project management ඔහොම හැම ක්ෂේත්රයටම අදාළ ඕනෙම දෙයක් කරන්න පුලුවන්)