Orders එන්න පුලුවන් අවස්ථා වැඩි කරගනිමු
Order එන්නෙ අපේ වුවමනාවට නෙවේනෙ. Order එන විදිහක් තියෙනවා. ඒකට ප්‍රධාන වශයෙන්ම බලපානවා Buyer ගෙ අවශ්‍යතාවය සහ අපේ gig එක තියෙන තැන. ඉතිං ඔය මූලික අවස්ථාව, වටපිටාව හදාගන්න එක ගැන තමයි අපි කලින් ලිපි වලදි කතා කළේ.
පළවෙනි review එක ගන්න ක්‍රමයක්
ඉස්සර වගේ නෙවේ. දැන් තරගකාරිත්වය වැඩියි. Reviews 50, 100, 1000+ තියෙන gig කීපයකුයි, ඒ දේම කරන reviews එකක්වත් නැති gig එකකුයි තියෙන කොට ඉතිං අර හොඳ reviews තියෙන එකක් order කරන්න තමයි හැමෝම වගේ පෙළඹෙන්නෙ. ඒ හින්දා අපි අලුතෙන් දාන gig එකට මොන විදිහකින් හරි positive review එකක් වත් දාගන්න වෙනවා මේක හොඳ gig එකක් බව පෙන්වන්න.
අලුත් Gig එකක් publish කරපු අලුතම ඒකට හොඳ review එකක් දාගන්න පුලුවන් නම් වඩාත් හොඳයි. ඒකට සමහර අය කරන ක්‍රමයක් තමයි මේ…
- යාලුවෙක් fiverr එකේ search කරලා ඔයාගෙ gig එක හොයාගෙන, order කරලා, අවශ්‍ය requirements එවනවා. (අනිවාර්යයෙන්ම order කරන්න කලින් message වලින් ගනුදෙනුව කතා කරගන්න එක අත්‍යවශ්‍යයි)
- ඔයා requirements වල විදිහට වැඩේ කරලා deliver කරපුවාම එයා order එක complete කරලා හොඳ review එකක් දෙනවා.
- Gig එක $5යි. Processing fee $2යි. ඒ $7න් ඔයාට $4 ක් හම්බ වෙනවා. ඒ කියන්නෙ වැඩේට ඇත්තටම වියදම් වෙන්නෙ $3යි.
හැබැයි ඔහොම කරපු බව Fiverr එකෙන් දැනගත්තොත් ඔය accounts දෙකම suspend කරලා දානවා.
Fiverr එකෙන් දැනගන්නෙ මෙහෙම
- එයා කරන category එකේ දෙයක්ම එයා ඔයාගෙන් order කරපුවාම
- එකම computer එකෙන් fiverr accounts 2ටම log වුණාම
- එකම internet connection එකකින් fiverr accounts 2ටම log වුණාම
- Paypal/ payoneer/ account numbers සමාන වුණාම
- Order එකේදි, Messages වලදි බොරු messages/files යැව්වහම (Fiverr එකෙන් අපේ messages බලනවා. එහෙම වුණොත් Fiverr account එක එතනින්ම ඉවරයි.)
කොහොමත් Orders එන කෙනෙක් නම්, අලුත් gig එකට review එකක්
සාමාන්‍යයෙන් orders එන අයට repeat buyers ලා (නැවත නැවත එන buyers ලා) ඇතිනෙ. එහෙම කෙනෙක් යම් සේවාවක් ඉල්ලපුවාම custom offer එකකට අර කියපු අලුත් gig එක දාලා, “මම වැඩේ මේ gig හරහා කරන්නම්” කියලා, ඒ කරන වැඩේ ගැන විස්තර සහිතව custom offer එකේ දාලා යවන එකත් කරන්න බැරි නෑ. හැබැයි Video editing වැඩකට Programming සම්බන්ධ gig එකක් යවන්න එපා.(ඒ වගේම buyer ඒ වැඩේට කැමති නෑ වගේ නම් ඒ දේ කරන්න එපා.)
Orders නැද්ද? මටත් නෑ.
සාමාන්‍යයෙන් orders නෙවේ, messages තමයි එන්නෙ. අපි දැනගන්න ඕනෙ ඒ එන message එක order එකක් බවට පරිවර්තනය කරගන්න.
Fiverr කරන කෙනෙක් “තාම orders එකක්වත් ආවෙ නෑ” කියන්න පුලුවන්. හැබැයි එයාට messages එකක් හරි ඇවිත් තියෙනවා නම්, ඒ කියන්නෙ එයාට ආව order එකක් මගඇරිලා කියන එක.
ඉතිං දැන් කොයි වෙලාවටද ඔය messages එන්නෙ? මහ රෑ යක්කු ගස් නගින වෙලාවට තමයි messages එන්නෙ. ඒ වෙලාවට තමයිනෙ ඒ රටවල් වලට දවල් කාලෙ. ඉතිං කවුරුවත් අපෙන්ම order කරන්න කියලා පතාගෙන ආව අය නෑනෙ. අපිටත් message එකක් දානවා. අපෙන් ප්‍රතිචාරයක් නැත්තං ප්‍රතිචාරයක් තියෙන තැනකට order එක දෙනවා. ඉතිං ඒ විදිහට එන messages තමයි අපි orders බවට හරවාගන්න ඕනෙ.
Buyer අහනවා “Hey [username], මට මෙහෙම වැඩක් කරගන්න ඕනෙ. මේක කරන්න පුලුවන්ද? කොච්චර වෙලාවක් යයිද?” කියලා.
එතකොට අපි විශ්වාසයෙන් යුතුව කියන්න ඕනෙ “මට මේ දේ මේ විදිහට කරලා, මෙච්චර කාලයකින් deliver කරන්න පුලුවන්” කියලා. Buyer ඉල්ලන දේ ඒ විදිහටම කෙරෙන බව දැනෙන්න සලස්වන්න ඕනෙ. අවශ්‍ය නම් custom offer එකක් යවන්න පුලුවන් (Create an Offer කියන එකෙන් අපි කරන දේ, ගත වන කාලය, මිල ආදිය සඳහන් කරලා ඒ හරහා ඕඩර් එක ගන්න පුලුවන්).
Social media වල share කිරීම
Social media වල share කරන එකත් gig එකට orders එන්න හේතු වෙන්න පුලුවන්. එතනදි targeted audience එකකට තමයි අපි gig එක share කරන්න ඕනෙ. ඒ කියන්නෙ හන්දියෙ ත්‍රීවිල් පාක් එකේ ගුණේ මාමායි, පොල් කඩන සෝමෙ අයියයි, එහා ගෙදර අක්කාගෙ කොල්ලයි, බල්ලයි ඔක්කොම හිටියත් ඒ fb profile එකේ logo designing gig එකක් share කරලා වැඩක් නෑනෙ.
Facebook එකේ ඕනෙ තරම් fake profile හදන්න දෙනවා. මාක් මහත්තයාගෙ විරුද්ධත්වයක් නෑ ඒකට. Fiverr එකේ වැඩිපුරම ඉන්නෙ USA වල buyerලා. ඒ හින්දා USA ඉලක්ක කරගෙන facebook profile එකක් හදලා, USA වල අයවම add කරගන්න එක තමයි හොඳ. (හැබැයි ඒ වැඩේ ලේසි නෑ).
ඒ වගේම targeted audience එක හොයාගන්න ඕනෙ. උදාහරණයක් විදිහට සින්දු වල sounds improve කරනවා නම් ඒකට ගායකයො (නැත්තං ගායකයො වෙන්න හිතාගෙන ඉන්න අය/ reality show වලට ඉදිරිපත් වුණ අය etc.) හොයාගන්න පුලුවන් නම් ඒ අයට අපේ සේවාව අවශ්‍ය වෙන්න පුලුවන්. Book cover design කරනවා නම් ක්‍රීඩකයො දාගෙන හරියන්නෑ, ලේඛකයො හොයාගන්න ඕනෙ. Article writing කරනවා නම් article ලියාගන්න ඕනෙ අයව, Presentation design කරනවා නම් presentation හදාගන්න අවශ්‍ය අයව, programming කරනවා නම් programming වැඩ අවශ්‍ය වෙන විදිහෙ අයව හොයාගන්න ඕනෙ.
ඒ හින්දා දැන් ඉඳන්ම Facebook profile එකක් හදාගෙන ටික ටික friendsලා හදාගන්න බලන්න. පස්සෙ කාලෙක තව වැඩ වලට වැදගත් වෙන්න පුලුවන්.
පැය 24ම Fiverr එක manage කරගන්න විදිහ
මේකට ඉතිං Fiverr app එක දාගන්න ඕනෙ. (app එක phone එකට support කරන්නැත්තං email එකේ notifications හරි එන විදිහට හදාගන්න).
Fiverr app එකේ notifications වලට වෙනම tone එකක් දාගන්න.
රෑට ඩේටා on කරලා, Do not disturb දාලා, Do not disturb එකේදීත් Fiverr notifications විතරක් ඇහෙන විදිහට දාගෙන හිටියොත් මොකක් හරි message එකක් ආවහම ඒ වෙලාවෙදිම ඒ buyer එක්ක discuss කරගෙන order එක ගන්න පුලුවන්. (ළමයි ඇහැරෙයි වගේ ගැටළු තියෙනවා නම් මොකක් හරි විසඳුමක් හොයාගන්න)
වැඩිපුර online ඉන්න කොට Fiverr එක හඳුනාගන්නවා ඔයා active, ඒ වගේම buyerලාට පහසුවෙන් සන්නිවේදනය කරගන්න පුලුවන් කෙනෙක් කියලා. ඒ හින්දා වැඩිපුර online ඉන්න එක gig එකට හොඳ විදිහට බලපානවා. Gig එක උඩට එන එකටත් ඒක බලපානවා. නමුත් online ඉන්න එක විතරක් හේතුවෙන් gig එක උඩට එන්නෑ. Number of completed orders, response time, overall customer satisfaction වගේ ගොඩක් දේවල් බලපානවා.
ඒ වගේම buyer කෙනෙක් search කරන කොට online ඉන්න sellersලා filter කරලා ගන්න පුලුවන්. ඒ හින්දා අපි online ඉන්න එකේ වාසියක් තියෙනවා. හවස 4.00 ඉඳන් ඊළඟ දවසෙ උදේ 10.00 දක්වා කාලය තමයි මේකෙදි වඩාත් ඵලදායී වෙන්නෙ.
Fiverr එකේ message ටයිප් කරන තැන තියෙන අකුණ click කරලා auto reply වෙන්න හදන්න පුලුවන්. ඒ කියන්නෙ buyer කෙනෙක් පළවෙනි සැරේට අපිට එවන message එකට අපෙන් auto reply එකක් යනවා. (ඒ reply message එක අපි කලින් හදලා save කරලා තියන්න ඕනෙ). හැබැයි එයා මොන ප්‍රශ්නෙ ඇහුවත් අපෙන් එකම reply එක තමයි. ඉතිං හරියට message එක හැදුවෙ නැත්තං කොහෙද යන්නෙ, මල්ලෙ පොල් වගෙත් වෙනවා.
* Response time එක හැදෙන්නෙ අපි සාමාන්‍ය message එකකින් reply කරන වෙලාව අනුව. ඒ හින්දා අපි අනිවා ඉක්මණට reply කරන්න ඕනෙ.
මේ screenshot එකේ රවුමක් ඇතුළෙ “G” අකුරක් තියෙන්නෙ Grammarly එක. ඒකෙ add-on එක Chrome, Firefox වලට free download කරගන්න පුලුවන්. ඒකෙන් වෙන්නෙ අපි English වලින් message එකක් (හෝ වචනයක්, sentence එකක්) type කරපුවාම ඒකෙ මොනවා හරි වැරැද්දක් තියෙනවා නම් ඒ වැරැද්දත් පෙන්නලා, ඒක නිවැරදි විය යුතු ආකාරයත් පෙන්නලා, එක click එකකින් ඒක නිවැරදි කරන්න අවස්ථාව දෙන එක. Freelancing කරන අයට ගොඩක් වැදගත් tool එකක් මේක.
හරි, එහෙනම් පටන් ගමු.