නියමයන් හා කොාන්දේසි
මෙම වෙබ් අඩවියෙහි ලියාපදිංචි වීම තුළින් ඔබ මෙම සියලු නියමයන් කොන්දේසි වලට එකඟ වීම සිදු වේ. යම් අයුරකින් ඔබ මෙම කොන්දේසි වලට එකඟ නොවන්නේ නම් මෙහි ලියාපදිංචි වීමෙන් වළකින්න.
මෙම කොන්දේසි පෙර දැනුම්දීමකින් තොරව යාවත්කාලීන විය හැක. එබැවින් මෙම කොන්දේසි පිළිබඳව නිරන්තර අවධානයෙන් කටයුතු කිරීම නිර්දේශ කරන්නෙමු. ඔබගේ Lk Task ගිණුම වසාදැමීමට අවශ්‍ය නම් අප වෙත පණිවිඩයක් යොමු කරන්න.
මෙම වෙබ් අඩවියෙහි පරිශීලකයන් විසින් පල කරන කිසිදු අන්තර්ගතයක් හෝ සිදු කරන කිසිදු කටයුත්තක් සම්බන්ධයෙන් මෙම වෙබ් අඩවියේ හිමිකරුවන් (“අපි” “අප” “අපගේ”) විසින් වගකියනු නොලැබේ.
පොදු කොන්දේසි
මෙම වෙබ් අඩවියෙහි පරිශීලකයන් වයස අවුරුදු 16ට වැඩි විය යුතුය.
කිසිදු පරිශීලකයෙකු මෙම වෙබ් අඩවිය සම්බන්ධ කටයුතු වලදී ශ්‍රී ලංකාවේ නීතියට පටහැනි කිසිවක් සිදු නොකළ යුතුය.
ඔබ මෙහි පල කරන දේ හෝ ඔබේ හැසිරීම හේතුවෙන් සිදු වන හානිදායක තත්ත්වයන් සඳහා ඔබ පූර්ණ වශයෙන් වගකිව යුතුය.
සෑම පරිශීලකයෙකුම අනෙකුත් පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වයට ගරු කළ යුතු අතර, පුද්ගලික දත්ත හා තොරතුරු වෙනත් පාර්ශවයන්ට ලබාදීම කිසිසේත් නොකළ යුතුය.
ඔබගේ පුද්ගලික හෝ රහසිගත තොරතුරු කිසිවක් මෙහි පල නොකළ යුතුය.
Lk Task හැඳින්වීම
මාර්ගගත සේවා අලෙවිකරුවන් හට තම සේවාවන් Lk Task වෙබ් අඩවියෙහි ප්‍රදර්ශනය කිරීමටත්, ගැනුම්කරුවන් හට ඒ හරහා තමන්ට අවශ්‍ය සේවාවන් සොයාගැනීමටත් අවස්ථාව සලසා දීම (“සේවාව”) Lk Task අප විසින් සිදු කරන්නෙමු.
මෙහිදී පරිශීලකයන්ගේ පහසුව සඳහා ඇණවුම් කිරීම, කාර්යය භාරගැනීම, කාර්යය කිරීම, අවසන් කළ කාර්යය යොමු කිරීම ආදී අවස්ථාවන් සළකුණු කිරීමටත්, අවශ්‍ය පණිවිඩ හා ගොනු මෙම වෙබ් අඩවිය හරහාම යැවීමට හා ලබාගැනීමටත්, තරු ලකුණු මගින් පරිශීලකයන් හට අගය කිරීම් ලබාදීමටත් පහසුකම් සලසා ඇත.
ලියාපදිංචි වීම
Lk Task වෙබ් අඩවියෙහි ලියාපදිංචිය සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.
පරිශීලකයා
මෙම වෙබ් අඩවියෙහි ලියාපදංචි වූ සෑම අයෙකුම “පරිශීලකයා” ලෙස හැඳින්වේ.
අලෙවිකරු
සේවාවන් අලෙවි කිරීම සදහා මෙම වෙබ් අඩවිය තුළ දැන්වීම් පල කරන පරිශීලකයන් “අලෙවිකරු” ලෙස හැඳින්වේ.
ගැනුම්කරු
මෙම වෙබ් අඩවියෙහි පල කර ඇති සේවා දැන්වීම් හරහා සේවාවන් සොයාගෙන, ඒවා මිලදී ගන්නා පරිශීලකයන් “ගැනුම්කරු” ලෙස හැඳින්වේ.
සේවා දැන්වීම්
සේවා අලෙවිකරුවන් විසින් තමන් සපයන සේවාව පිළිබඳව Lk Task වෙබ් අඩවියෙහි ප්‍රදර්ශනය කරන දැන්වීම “සේවා දැන්වීම, දැන්වීම” ලෙස හැඳින්වේ.
සේවා දැන්වීම් පල කිරීම
Lk Task හි ලියාපදිංචි වූ ඕනෑම පරිශීලකයෙකු හට සේවා දැන්වීම් පල කළ හැකිය.
පණිවිඩ හුවමාරුව
Lk Task හි ලියාපදිංචි වූ ඕනෑම පරිශීලකයෙකුට තවත් පරිශීලකයෙකු සමග පණිවිඩ හුවමාරු කරගත හැකිය.
ඊමේල් ලිපිනය සත්‍යාපනය කිරීම (ලියාපදිංචි වීමේදී), වෙබ් අඩවියෙහි වෙනත් පරිශීලකයෙකුගෙන් ලැබෙන පණිවිඩ, ඇණවුම් සම්බන්ධ දැනුම්දීම් ආදිය පිළිබඳව අප විසින් අදාළ පරිශීලකයන්ට ඊමේල් පණිවිඩ යොමු කෙරෙනු ඇත.
සේවාවන් ඇණවුම් කිරීම
ගැනුම්කරුවෙකු විසින් සේවාවක් ඇණවුම් කරන විට ඒ බව අලෙවිකරු හට දැනුම්දීම සඳහා මෙම වෙබ් අඩවියෙහිම පහසුකම් සලසා ඇත.
සේවාවන් අලෙවිය, මිලදී ගැනීම හා මුදල් ගනුදෙනු
සේවාවන් අලෙවිය, මිලදී ගැනීම හා මුදල් ගනුදෙනු සම්බන්ධ සම්පූර්ණ වගකීම අදාළ පරිශීලකයන් සතු වන අතර, Lk Task අප විසින් ඒ සඳහා මැදිහත් නොවන්නෙමු.
අලෙවිකරු හා ගැනුම්කරු අතර ඍජුවම මුදල් ගනුදෙනු සිදු කෙරෙන බැවින්, එම ගනුදෙනු අතරතුරදී හෝ සේවාවන් සැපයීමේදී හෝ ලබාගැනීමේදී සිදු වන ගැටළු සම්බන්ධව Lk Task අප විසින් කිසිදු ආකාරයක මැදිහත් වීමක් නොකරන්නෙමු.
අගය කිරීම් හා සමාලෝචන
අලෙවිකරුවෙකුගෙන් යම් සේවාවක් ලබාගත් පසු එම ලැබුණු සේවාව පිළිබඳව සමාලෝචනයක් එකතු කිරීමට ගැනුම්කරු හට අවස්ථාව ඇති අතර, එම සමාලෝචනය අනෙකුත් අය හටද දර්ශනය වන ලෙස පල වේ.
අසත්‍ය සමාලෝචනයන් යොමු කිරීම හෝ වෙනත් පාර්ශවයක් කුලියට ගැනීම මගින් සමාලෝචනයන් යොමු කිරීම කිසිදු අයුරකින් නොකළ යුතුය.
වගකීමෙන් මිදීමේ ප්‍රකාශය (Disclaimer)
පරිශීලකයන් විසින් මෙම වෙබ් අඩවිය තුළ සිදු කරන ක්‍රියාවන්, පල කරන සියලු ශ්‍රව්‍ය දෘෂ්‍ය හා වෙනත් අන්තර්ගතයන්, පෙළ (texts), පණිවිඩ හා අනෙකුත් සියලු දේ පිළිබඳව එම පරිශීලකයන් විසින් වගකිව යුතු වේ.
චෝදනා හා පැමිණිලි
යම් පරිශීලකයෙකු විසින් සිදු කරන යම් අකටයුත්තක්, පල කරන නුසුදුසු අන්තර්ගතයක්, හෝ වෙනත් චෝදනාවක් හෝ පැමිණිල්ලක් වෙතොත් admin@lktask.com වෙත හෝ වෙබ් අඩවියෙහි Contact us මගින් අප වෙත දැනුම් දෙන්න. අප විසින් එය සළකා බලා අදාළ අන්තර්ගතය ඉවත් කිරීමට හෝ පරිශීලක ගිණුම අත්හිටුවීමට කටයුතු කරනු ඇත.
නොකළ යුතු දේ
කිසිදු පරිශීලකයෙකු විසින් මෙම වෙබ් අඩවිය තුළ පහත සඳහන් දෑ සිදු නොකළ යුතු අතර, එවැන්නක් සිදු කළ බවට වාර්තා වුවහොත් එම පරිශීලක ගිණුම අත්හිටුවනු ඇත. එලෙස පරිශීලක ගිණුම අත්හිටුවන අවස්ථාව වන විට අදාළ පරිශීලකයා විසින් මුදල් ගෙවා ලබාගත් සාමාජිකත්වයක් පවතින්නේ නම්, එම මුදල ආපසු ගෙවීම් නොකරනු ලැබේ.
1) අලෙවිකරුගේ හෝ ගැනුම්කරුගේ විශ්වාසය කඩ කිරීම
2) නීති විරෝධී හෝ සමාජ විරෝධී කටයුතු
3) යම් පාර්ශවයකට අපහාස වන අයුරින් කටයුතු කිරීම
4) නුසුදුසු වචන භාවිතය
5) තර්ජනය කිරීම් හා බියවැද්දීම්
6) ද්වේශ සහගත ප්‍රකාශ
7) ව්‍යාජ ඇණවුම් ලබාදීම
8) වෙනත් ව්‍යාපාර ප්‍රවර්ධනයට වෙබ් අඩවිය භාවිතා කිරීම
9) ස්පෑම් කිරීම
10) යම් පරිශීලකයෙකුගේ පුද්ගලික තොරතුරු හෝ අන්තර්ගතයන් වෙනත් පාර්ශවයකට ලබාදීම
11) වෙනත් අයෙකුගේ පුද්ගලික තොරතුරු හෝ අන්තර්ගතයන් මෙහි පල කිරීම
12) ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය කිරීම
13) නියමයන් හෝ කොන්දේසි උල්ලංඝනය කිරීම
බුද්ධිමය දේපල
සෑම අලෙවිකරුවෙකුම තමන් භාවිතා කරන පින්තූර, වීඩියෝ, පෙළ, හා අනෙකුත් අන්තර්ගතයන් සම්බන්ධයෙන් වගකීම දැරිය යුතු අතර, වෙනත් අයෙකුගේ බුද්ධිමය දේපලක් වන පින්තූර, වීඩියෝ, පෙළ, හෝ අනෙකුත් අන්තර්ගතයන් මෙහි පල කිරීම නොකළ යුතුය.
යම් පරිශීලකයෙකු විසින් අනවසරයෙන් භාවිතා කරන බුද්ධිමය දේපලක් පිළිබඳව අප වෙත පැමිණිල්ලක් ලැබුණහොත් එය මෙම වෙබ් අඩවියෙන් ඉවත් කිරීමට අප කටයුතු කරනු ඇත.
පෞද්ගලිකත්වය සුරැකීමේ ප්‍රතිපත්තිය
පරිශීලකයන්ගේ සුරක්ෂිත බව හා පහසුව උදෙසා පමණක් අප විසින් තොරතුරු ලබාගන්නා අතර, පරිශීලකයන්ගේ තොරතුරු අප විසින් වෙනත් පාර්ශවයකට ලබාදීමක් අප සිදු නොකරන්නෙමු. අලෙවිකරු වෙත හෝ ගැනුම්කරු වෙත තම පුද්ගලික දුරකතන අංකය ආදී තොරතුරු ලබා නොදීමට ඔබ අපේක්ෂා කරන්නේ නම්, සියලු සන්නිවේදන කටයුතු මෙම වෙබ් අඩවිය මගින් සපයා දී ඇති පණිවිඩ හුවමාරු කරගැනීමේ පහසුකම මගින් සිදු කළ හැක.
පෞද්ගලිකත්වය සුරැකීමේ ප්‍රතිපත්තිය පිළිබඳ වැඩිදුර තොරතුරු Privacy Policy පිටුවෙහි දක්වා ඇත.
භාවිත වචන
නියමයන් හා කොන්දේසි = Terms & Conditions
පෞද්ගලිකත්වය සුරැකීමේ ප්‍රතිපත්තිය = Privacy Policy
මෙම වෙබ් අඩවිය/ අප = lktask.com (Lk Task)
ලියාපදිංචි වීම = Register / Create Account
පරිශීලකයා = User
පරිශීලක ගිණුම = User Account
අලෙවිකරු = Seller
ගැනුම්කරු = Buyer
පණිවිඩ = Messages
ඇණවුම් කිරීම = Order
සේවාව = Service / Job
කාර්යය = Task
සමාලෝචනය = Review
අන්තර්ගතය = Content
ස්පෑම් = Spam
පෙළ = Text
ප්‍රකාශන හිමිකම් = Copyright